Skip to main content

ලෝකයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට ජෛව විවිධත්වය අතින් හිමි වන්නේ ඉතාම වැදගත් ස්ථානයකි. ලෝකයේම ජෛව විවිධත්වය වැඩිම ස්ථාන අතුරින් එකක් ලෙස ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හදුනාගෙන ඇත. මේ හේතුව නිසාවෙන් ශ්‍රී ලංකාව සතු ජෛව විව්ධත්වය ලෝක උරුමයක් ලෙස හදුන්වා දිය හැක. නමුත් වර්ථමානය වන විට සීඝ්‍රයෙන් ඉහල යන ජනගහනය හේතුවෙන් මෙම ජෛව විව්ධත්වය යම් තරමක අර්බුදයකට ලක්ව ඇති බව කිව යුතුමය. එසේ ඉහල යන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති හේතු කොට ගෙන පරිසරය දිනෙන් දිනම පරිහානියට පත් වෙමින් පවතී. මේ හේතඋවෙන් 21 වන ශත වර්ෂයේ අප හමුවේ ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ අප රට සතුව පවතින ජෛව විවිධත්වය සං‍රක්ෂණය කිරීමයි. මේ පිළිබද සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සං‍රක්ෂණයට පියවර ගැනීම ඉතා වැදගත් කරුණකි. මක් නිසාද ටයත් එම සත්වයන් ශ්‍රී කංකාවේ අනන්‍යතාවය වන බැවිනි. එසේ නම් ශ්‍රී ලංකාවට අවේණික සත්වයන් පිළිබද අප සලකා බලමු.


ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 23%ලක් මපමණ් වනාන්තර ව්‍යාපෘත්ව පවතී. ඒවා පහත ආකාරයට වර්ග කල හැකිය.
1)නිවර්ථන තෙත් පහතරටසදාහරිත වනාන්තර
2)තෙත් උප කදුකර වනාන්තර
3)තෙත් කදුකර වනාන්තර
4)පහතරට වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
5)ගංගා ආශ්‍රිතව අතරමැදි කලාපයෙහි ඇති නිවර්ථන සදාහරිත වනාන්තර
6)ශුෂ්ක ප්‍රදේශවල ඇති කටු පදුරු සහිත වන ජැහැබ්


ඉහත කී වනාන්තර ද ඇතුලුව සමස්ත ශ්‍රී කලංකාව තුළ්ම දැනට වාසය කරන මෙරටට ආවේණික සත්ව විශේෂයන් පිළිවබදව අප මෙහිදී විමසා බලමු.